ඥානසාර හිමියන් අත්අඩංගුවට ගැනීම ගැලවිජ්ජාවක්!


Vasudeva_28_11

ඥානසාර හිමියන් අත්අඩංගුවට ගැනීම සමාජය හමුවේ ඇති ගැටළු විසදීමට ඇති එක් පියවරක් බවත් ඥානසාර හිමියන් අත්අඩංගුවට ගැනීමෙන් පසු උන්වහන්සේට එරෙහි චෝදනා ඔප්පු කිරීමට සාක්ෂි ගොඩනඟා තිබේදැයි ප්‍රශ්නයක් බවත් ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා පවසනවා.

පසුගිය මැතිවරණය ළං වෙත්ම අලුත්ගම සිද්ධියක් ඇති කර ඥානසාර හිමියන් එයට මැදිහත් කර මහින්ද රාජපක්ෂ මහතාට පක්ෂපාතීත්වයක් දක්වන බව හැඟවු බවත් එහි ප්‍රතිඵලයක් ලෙස මහින්ද රාජපක්ෂ මහතාට මුස්ලිම් ඡන්ද නොලැබී යැමෙන් පරායට වු බවත් ඒ සියල්ල එක්සත් ජාතික පක්ෂයේ කුමන්ත්‍රණයක් බවත් ඔහු සඳහන් කළා.

වාසුදේව මන්ත්‍රිවරයා පවසා සිටියේ සමාජවාදී ජනතා පෙරමුණේ මාධ්‍ය හමුවට එක් වෙමිනි.

ඥානසාර හිමියන් පිළිබඳ කතිකාවක් ඇති කොට උන්වහන්සේ අත්අඩංගුවට ගෙන අවසානයේ මීළඟ මැතිවරණයේ අපේක්ෂයෙකු වශයෙන් ඉදිරිපත් වීමට අවස්ථාව හිමි කර දීම අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ අවශ්‍යතාව බවත් මන්ත්‍රිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*