වෛරය වපුරවමින් අපරාධ සිදුකරන පුද්ගලයන්ට දඬුවම් දිය යුතුයි!


UNP

ජාතික සමඟි රජයේ සංහිඳියාව නැති කිරීමට කඩාකප්පල්කාරී කොටස් ක්‍රියාත්මක වෙමින් සිටින බවත් ඒ පිළිබඳව දැඩි අවධානය යොමුකර ඇති බවත්  එක්සත් ජාතික පක්ෂය පවසනවා.

පවතින තත්ත්වය පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය මේ බව පෙන්වා දී තිබෙනවා.

වෛරය වපුරමින් අපරාධයන්හි නිරත වන හා ඊට වගකිව යුතු පුද්ගලයින්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යවරයා සමග එක්සත් ජාතික පක්ෂය ද අදාළ බලධාරීන්ට බලකර සිටින බව එම නිවේදනය සඳහන් කරනවා.

සාමකාමී ස්ථාවර ශක්තිමත් ආර්ථිකයක හා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ බලාපොරොත්තු දැල්වෙමින් ඇති මෙහොතක ශ්‍රී ලංකාව තුළ ආගමික අසහනය සහ ජාතිවාදය වැපිරීමට කිසිඳු ඉඩක්  නොතිබිය යුතු බව එම නිවේදනය වැඩිදුරටත් පෙන්වා දෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*