ඩෙංගු මඩින්න GMOA යෝජනා මාලාවක් ජනපතිට


GMOA_21_04_2017

මේ වන විට ඉතිහාසයේ දරුණුම ඩෙංගු වසංගත තත්ත්වයට රට මුහුණ දී ඇති බැවින් එය පාලනය කිරීම සඳහා යෝජනා මාලාවක් ඇතුළත් ලිපියක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යොමු කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ඩෙංගු මරණ සංඛ්‍යාව දිනෙන් දින ඉහළයන බැවින් මෙම තත්ත්වය පාලනය නොකළහොත් බරපතළ ඛිෙදවාචකයකට රටට මුහුණදීමට සිදුවන බවද එම ලිපිය මගින් පෙන්වා දුන් බව සංගමයේ ‍ලේකම් හරිත අලුත්ගේ මහතා ඊයේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සදහන් කළා.

ඩෙංගු රෝගය අධි වසංගත තත්ත්වයක් දක්වා රට පුරා පැතිර ගොස් ඇත්තේ ඩෙංගු වෛරසයේ ඇති වී තිබෙන විද්‍යාත්මක වෙනස්කම් සහ ඝන අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර නොකිරීම, මදුරු මර්දන ක්‍රියාදාමයේ විධිමත් නොවීම, ජනතාවට ඒ පිළිබඳ නිසි දැනුමක් ලබා නොදීම ආදී කරුණු නිසාවෙන් ඩෙංගු අධි වසංගත තත්ත්වයක් දක්වා අද වර්ධනය වී ඇතැයි ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*