රණවිරුවන් සම්බන්ධයෙන් විපක්ෂය නගන චෝදනා සාවද්‍යයි


RUWAN

රණවිරුවන් සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය හා හිටපු ජනාධිපතිවරයා නගන චෝදනා සාවද්‍ය බවත්, ඔවුන් දේශපාලන වාසි අපේක්ෂාවෙන් රජය පිරිහීමට ලක් කිරීමේ අරමුණින් මෙවැනි ප්‍රකාශ සිදුකරන බවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පවසනවා.

අම්පාර දිස්ත්‍රික් ‍ලේකම් කාර්යාලයේදී අම්පාර දිස්ත්‍රික් රණවිරු සංසද සාමාජිකයන් සමග  විශේෂ හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සදහන් කළේ වත්මන් රජය බලයට පත්වීමත් සමග ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ වෙත තිබූ පිළිගැනීම සහ පුහුණු ඉඩප්‍රස්ථා වැඩි වු බවයි.

“ඉදිරි කාලය තුළදී අපේ බලා‍පොරොත්තුව දිවයින පුරා ඇති රණවිරු සංසද සාමාජිකයන් මුණගැසී ඔවුන්ගේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙන්න. වත්මන් රජය රණවිරු සුබසාධනය වෙනුවෙන් විශාල වැඩ කොටසක් කළා. විශේෂයෙන්ම නිවාස ආධාර, අඩු ‍පොලී නිවාස ණය සහ විරුසර වරප්‍රසාද කාඩ්පත සහ විරුසුමිතුරු නිවාස ව්‍යාපෘතිය වගේ වැඩසටහන් රැසක් ආරම්භ කර තිබෙනවා. ඒ වගේම ආබාධිත රණවිරුවන් මුහුණ දී සිටි විශ්‍රාම වැටුප් හා අනෙකුත් දීමනා පිළිබඳ ගැටලුත්, මියගිය රණවිරුවන්ගේ බිරින්දෑවරුන්ගේත් විශ්‍රාම වැටුප් පිළිබඳ බොහෝමයක් ප්‍රශ්න සඳහා අපි විසඳුම් ලබාදී තිබෙනවා. ඉතිරි අනෙකුත් ප්‍රශ්න කඩිනමින් විසඳනවා.”

“ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමාගේ මගපෙන්වීම යටතේ මේ කටයුතු සියල්ල සිදුවන්නේ. නමුත් මේ ආණ්ඩුව අකාර්යක්ෂමයි කියලා නිරන්තර චෝදනා එල්ල කරනවා. ඒකාබද්ධ විපක්ෂයත් හිටපු ජනාධිපතිතුමත් මේ කරන්නේ දේශපාලන වාසි අපේක්ෂාවෙන් රජය පිරිහීමකට ලක් කරන්න.”

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*