මා වෙනුවෙන් වර්ජන එපා


Carlo-Fonseka

තමන් ඉවත් කිරිමට එරෙහිව වර්ජන සිදු නොකරන ලෙස තමන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා පවසනවා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් පිරිසක් අද සන්දේශයක් බාරදීමට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් මහාචාර්යවරයා සදහන් කළේ තමන් වැදලා ඉල්ලන්නේ තමන් වෙනුවෙන් වර්ජන සිදු නොකරන ලෙසයි.

මේ අතර වෛද්‍ය සභාවේ සභාපති ධූරයෙන් ඉවත් නොවන ලෙස ඉල්ලමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම සන්දේශය මහාචාර්ය කාලෝ ෆොන්සේකා වෙත භාරදිමට කටයුතු කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*