TNA ත්‍රෙනිකායික මහා නාහිමිවරුන් හමුවෙන්න සුදානම්


TNA_20_11

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා ඇතුළු නියෝජිතයන් පිරිසක් ත්‍රෙනිකායික මහා නාහිමිවරුන් හමුවීමට නියමිත බව දෙමළ ජාතික සන්ධානය සඳහන් කරනවා.

ඒ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමටයි.

මහා නාහිමිවරුන් මෙරටට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය නැතැයි පසුගියදා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය මහනාහිමිවරුන් සමග සාකච්ඡා කිරීමට නියමිත අතර සියලු දෙනාට පිළිගත හැකි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කර ගැනිම මෙම සාකච්ඡාවේ අරමුණ් වි තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*