ආණ්ඩුව අස්ථාවර වීමට යූ.එන්.පී ය ඉඩ තියන්නේ නෑ


Bandula-Bandarigoda_16_07_2017

රට ආර්ථික වශයෙන් ස්ථාවර තත්ත්වයකට පැමිණ ඇති බවත් රට තුළ  දේශිය හා විදේශිය ආයෝජන නැවැත්වීමේ අදහසින් ආණ්ඩු විරෝධීන් ක්‍රියාකරන බවත් දකුණු පළාත් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දු ලාල් බන්ඩාරිගොඩ මහතා පවසනවා.

අද සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු සඳහන් කළේ පවතින තත්ත්වය තුළ ආණ්ඩුව රැක ගැනීමට තමන් ඇතුළු එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රිවරුන් කැපවීමෙන් හා දිවිහිමියෙන් ක්‍රියාකරන බවයි.

බලය හා පවුල පමණක් තම අභිප්‍රාය කර ගත් පරාජිතයින් පිරිසක් ආණ්ඩුව බලයට පැමිණි දා සිට එය විනාශ කිරීමට නොයෙක් ක්‍රියාමාර්ග ගනු ලැබූව ද කුමන ලෙසකින්වත් ආණ්ඩුව අස්ථාවර වීමට තම පක්ෂය ඉඩ නොතබන බව  මන්ත්‍රිවරයා මෙහිදි තව දුරටත් පවසා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*