ගැබිණි මව්වරුන්ට පෝෂණ මලු බෙදා දීම ජනපති ප්‍රධානත්වයෙන්


Pregnet_17_07_2017

මධ්‍යම පළාතේ මාතෘ සෞඛ්‍ය ප‍්‍රවර්ධනය කිරීමේ අරමුණෙන්, මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාල සංවිධානය කළ ගැබිනි මව්වරුන් සඳහා පෝෂණ මලු හා වියළි සලාක බෙදාදීමේ විශේෂ වැඩසටහනක්  ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් මහනුවර ජනාධිපති මන්දිරයේදී පැවැත්වුණා.

මධ්‍යම පළාතේ ගැබිනි මව්වරුන් දහසකට අධික ප‍්‍රමාණයකට මෙම වියළි සලාක හා පෝෂණ මලු බෙදාදීම සිදුකෙරුණු, අතර එය සංකේතවක් කරමින් ජනාධිපතිතුමා විසින් ගර්භනී මව්වරුන් වෙත වියළි සලාක හා පෝෂණ මලු ලබාදීම සිදු විය.

මහනුවර ජනාධිපති මන්දිරයේදි ගැබිනි මව්වරුන් උදෙසා සූදානම් කෙරුණු දිවා බෝජන සංග‍්‍රහයට ද ජනාධිපතිතුමා එක්විය.

හදිසි අනතුරකින් මියගිය සිය පුත‍්‍රයාගේ හදවත, හදවත් සැත්කමක් වෙනුවෙන් දන් දුන් උඩුනුවර පදිංචි අයි.ජී. නන්දසේන මහතා සහ ඉන්ද්‍රා කල්‍යාණි මහත්මිය ද මෙහිදී ජනාධිපතිවරයා  මුණගැසිණි.

එහිදී ඔවුන්ගේ සුවදුක් විමසූ ජනාධිපතිතුමා, සිදුකළ උදාර පරිත්‍යාගය පිළිබඳ සිය කෘතවේදීත්වය පළකර සිටියා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*