ළිං මැඩියන් සේ සිටිය හොත් ගමේ ජනතාවට හොඳ දවසක් උදා වෙන්නේ නෑ


WAJIRA-AWA

ලෝකය සමඟ තරග කරන රටක් බවට පරිවර්තනය කරන විට ඔබට හෙට දවසක් උදා වන බවත් අපේ රටේ ආර්ථිකයේ සහ රාජ්‍ය යාන්ත්‍රණයේ විශාල පරිවර්තනයක් අවශ්‍ය වී ඇති බවත් අපි ළිං මැඩියන් සේ සිටිය හොත් ගමේ ජනතාවට හෙට හොඳ දවසක් උදා නොවන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසනවා.

ගල්ගමුව, යූ.බී.වන්නිනායක ජාතික පාසලේදී පැවැති උත්සවය අමතමින් අමාත්‍යවරයා සදහන් කළේ

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

රට විවෘත කරලා ලෝකය සමඟ තරග කරන රටක් බවට පරිවර්තනය කර විට තමයි ඔබට හෙට දවසක් උදා වෙන්නේ. එදා කර්මන්ත ශාලා, ආයෝජන කලාප ගෙන එන විට විරුද්ධ වුණා.අද බලන්න කොපමණ ආදායම් මාර්ගයක් ලබන ව්‍යාපාරයක් බවට එය පත් වෙලාද කියලා. කොපමණ පිරිසකට රැකියා ලැබෙනවාද කියලා බලන්න. මේ විද්‍යාලය අද යූ.බී.වන්නිනායක ජාතික පාසල. මේ පාසලට අවුරුදු 117 ක ඉතිහාසයක් තියනවා. මේ පාසලේ අවුරුදු 117 ටම සිදු නොවූ සංවර්ධනයක් මේ රජය යටතේ සිදු වෙනවා.ලක්ෂ 1000 ක් මේ වන විට මේ පාසලේ දියුණුව සඳහා යොදවා තියෙනවා.

ඔබේ ජන ජීවිතය නඟා සිටුවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශාල වෙනසක් සිදු කර ගෙන යන බවද අමාත්‍යවරයා අවධාරණය කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*