ආණ්ඩුව මැතිවරණය කල් දැමීම ඉවසුවා ඇති!


Vasudeva_28_11

රජය විසින් නොයෙක් හේතුන් මවමින් පළාත් පාලන මැතිවරණය කල් දමමින් සිටින බවත් ඉවසා ගැනීමේ සීමාවක් පවතින බවත් ජාතන්ත්‍රවාදි වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසනවා.

අද (17) පැවති සමාජවාදී ජනතා පෙරමුණේ මාධ්‍ය හමුවට එක් වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

වැඩිකල් ගත වීමට පෙර මැතිවරණ කාර්යාලය කෞතුකාගාරයක් වන බවත්, ඡන්දය නොපැවැත්වීම තුළින් පළාත් පාලන ආයතන කඩා වැටී ඇති බවත් ඔහු සඳහන් කළා.

පසුගිය දා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මැඳුරේ පැවති පක්ෂ නායක හමුවීමට ඒකාබද්ධ විපක්ෂය හා තමා සහභාගී නොවුයේ එම සාකච්ඡා පැවත්වීමේ අරමුණ මැතිවරණය කල් දැමීම බව දන්නා නිසා යැයි පැවසු නානයක්කාර මහතා ඉදිරියේ දී ආණ්ඩුවට දැනෙන බලපෑමක් සිදු කිරීමට බලාපොරොත්තු වන බවත් කියා සිටියා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*