කිසිම ආණ්ඩුවක් මෙහෙම ප්‍රශ්ණ වලට මුහුණ දුන්නේ නෑ


RW_NELUWA

හම්බන්තොට වරාය හා මත්තල ගුවන්තොටුපොළ ආපසු ලාභ ලබන තත්වයට පත් කර හම්බන්තොට මොනරාගල කර්මාන්ත ඇති කර ගාල්ල හා මාතර විශාල සංචාරක පුරවර බවට පත්කරන බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා.පසුගිය 14 වැනිදා නෙළුව ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් අගමැතිවරයා සදහන් කළේ ආර්ථික වශයෙන් විඳින්න පුළුවන් හැම දුකක්ම වින්ද වසර 2017 වසර බවයි.

“කිසිම ආණ්ඩුවක් මුහුණ දුන්නේ නැති ප්‍රශ්ණ ගොඩකට මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාටයි මටය අප සියලූ දෙනාටයි මුහුණ දෙන්න සිදුවෙලා තියෙනවා. මේ අවුරුද්දේ ආර්ථික වශයෙන් විඳින්න පුළුවන් හැම දුකක්ම වින්දා. අපි පටන් ගත්තේ ගිය දෙසැම්බර් මාසයේ අපේ සංවර්ධන වේගය සියයට 6කින් වැඩි වේවි කියලා. නියඟය එක්ක කෘෂිකර්මය සම්පුර්ණයෙන්ම වැටුණා. විදුලිබලයට ඉන්ධනවලට අපි අලූතෙන් මුදල් වියදම් කළා. ඊළඟට ආවා. ගංවතුර. ගංවතුරෙන් වූ හානිය දළ දේශිය නිෂ්පාදනයෙන් සියයට දශම පහයි. ඒ එක්කම මීතොටමුල්ල කුණු කන්ද වැටුණා.එකටත් මුදල් හොයන්න වෙලා තියෙනවා. ඩෙංගු නිසා තවත් ප‍්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. එය සමහර විට සංචාරක කර්මාන්තයටත් බල පාන්න පුළුවන්.”

“මේ ප‍්‍රදේශවල සංචාරක ව්‍යාපාරයට විශේෂ තැනක් දෙන්න ඕන. ගුවන් තොටුපොළවල් දෙකක් හැදෙනවා. වරයාවල් දෙකක් හැදෙනවා. ගාල්ල තංගල්ල වගේ වරායන් කුඩා බෝට්ටු ගෙන්න පුළුවන්. මේක දියුණු වන්නේ අපි පරිසරය ආරක්ෂා කළා නම් පමණයි. මාතර සිට පිටබැද්දර දක්වා සංචාරකයින්ගේ පරාදීසයක් බවට පත් කිරීම අපේ අරමුණයි. පරිසරය ආරක්ෂා කළ යුතුයි. සංචාරකයින් එන්නේ පරිසරය ආරක්ෂා කළානම් පමණයි. සංචාරක ව්‍යාපාරය නිසා මේ ප‍්‍රදේශවල කුඩා නිවාසවල හිමිකරුවන්ට ආදායම් ලැබෙනවා. හම්බන්තොට වරාය හා මත්තල ගුවන්තොටුපොළ ආපසු ලාභ ලබන තත්වයට පත් කරලා හම්බන්තොට මොනරාගල කර්මාන්ත ඇති කරලා ගාල්ල හා මාතර විශාල සංචාරක පුරවර බවට පත්කරනවා. “

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*