කොමදෝරු දසනායක අත්තඩංගුවට ගත්තේ විධිමත් පරීක්ෂණයකින් පසුවයි


Ruwan-Gunasekara_17_07_2017

හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී. දසනායක මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ විධිමත් පරීක්ෂණයකින් පසුව බව පොලිස් ප්‍රකාශක පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණ‍සේකර මහතා පවසනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ඊයේ (16) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් ගුණසේකර මහතා මේ බව ප්‍රකාශ කර සිටියා.

මෙම පැහැර ගනු ලැබු පුද්ගලයින් මුදල් බලෙන් ලබා ගැනීම සඳහා පැහැර ගෙන ගොස් ඇති බවත්, සිද්ධිය සම්බන්ධයෙන් තවත් නාවික හමුදා සෙබලුන් 7 දෙනෙකු අත්තඩංගුවට ගෙන ඇති බවත් ඔහු සඳහන් කර සිටියා.

එසේම මෙම අතුරුදහන් වීමට ලක් වූ පුද්ගලයන් කිසිසේත්ම ත්‍රස්තවාදී ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයන් නොවන බව පරීක්ෂණ මගින් අනාවරණය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා වැඩිදුරටත් පවසා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*