දෙසැම්බර් 4ට උසාවි එන්න ජනපතිට හා අගමැතිට නියෝග


Court-Hammer_13_02_2017

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට දෙසැම්බර් 4 වැනිදා කොළඹ මහාධිකරණ හමුවේ පෙනි සිටින ලෙසට මහාධිකරණ විනිසුරු  විකුම් කළුආරච්චි මහතා නියෝග කර තිබෙනවා.

මෛත‍්‍රීපාල සිරිසේන සහ රනිල් වික‍්‍රමසිංහ මහත්වරු අතර ගිවිසුමක් ඇති බවට කූඨ ලෙස සකස් කළ ලියවිල්ලක් මාධ්‍ය වෙත ඉදිරිපත් කළැයි චෝදනා කරමින් එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ ප‍්‍රධාන සාක්කිකරුවන් දෙදෙනා වන ජනපති හා අගමැති  රාජකාරීමය හේතූන් මත අද (17) අධිකරණය හමුවේ පෙනි නොසිටිම හේතුවෙන් විනිසුරුවරයා මෙම නියෝගය නිකුත් කර ඇත.

මෙම නඩුව යළි විභාග කෙරෙන දින අධිකරණයේ පෙනී සිටින ලෙස ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට දැනුම් දෙන ලෙස ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයාට විනිසුරුවරයා දැනුම් දී ඇත.

විත්තිකාර එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා අද අධිකරණයේ පෙනී සිටියා.

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*