නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීම අද…….


Nevil-Fernando-Hospital_23_11

රුපියල් බිලියන 3.5 ක වටිනාකමකින් යුත් මාලඹේ නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහල සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට පවරා ගැනීම අද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිත වේ.

පවරා ගැනීමෙන් අනතුරුව එම රෝහල ශික්ෂණ රෝහලක් ලෙස පවත්වාගෙන යන බවත් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල මෙන්, විශේෂ මණ්ඩලයක් මගින් නිදහස් රෝහලක් ලෙස එහි සේවා කටයුතු අගෝස්තු 01 වැනිදින සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසා සිටියා.

ඊයේ මාධ්‍ය හමුවකදි ඇමතිවරයා පවසා සිටියේ රෝහල ඉදිකිරීම සඳහා ලබාගත් බැංකු ණය ඉදිරියටත් වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා විසින් අඛණ්ඩව ගෙවනු ලබන බවයි.

විදේශීය වෛද්‍ය අධ්‍යාපනය වෙනුවෙන් වාර්ෂිකව වැය කරන රුපියල් බිලියන 132ක මුදලක් ඉතිරිකර ගැනීමට මෙමගින් හැකියාව ලැබෙන බවද අමාත්‍යවරයා විසින් පෙන්වා දුන්නා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*