චම්පික රණවක ඇමතිවරයාගේ පෞද්ගලික ලේකම්ගේ චෝදනාව වෛද්‍ය සභාවේ විභාගයට


Patali-PA_12_08_2017

පාඨලි චම්පික රණවක අමාත්‍යවරයාගේ දේශපාලන බලපෑම් මත අංගොඩ මානසික රෝහලේ රදවාගෙන තමන්ට විද්‍යුත් කම්පන ප්‍රථිකාර ලබා දුන් බවට අමාත්‍යවරයාගේ හිටපු පෞද්ගලික සහකාර හර්ෂ තිලකසිරි බණ්ඩාර මහතා විසින් ශ්‍රි ලංකා වෛද්‍ය සභාව වෙත ගොනුකරන ලද පැමිණිල්ල පසුගිය 10 වෙනිදා විභාගයට ගනු ලැබීය.

ඉන් අනතුරුව හර්ෂ තිලකසිරි මහතා මාධ්‍ය වෙත අදහස් දක්වා සිටියා.

මම කාලයක් ප්‍රබල ඇමතිවරයෙක්ගේ PA විදිහට වැඩකලා. මම යාළුවෙලා හිටියා කොරියන් කන්තාවක් සමග. ඒ ඇමති මගේ කොරියන් කන්තාව ඉල්ලුවා. මම එතෙන්දි පැහැදිලිවම ප්‍රතික්ෂේප කරා ඒ මගේ පෙම්වතිය එයා ගණිකාවක් නෙවෙයි කියලා. එතෙනදි ඇතිවු ප්‍රශ්නය නිසා එම ඇමති මාව දැඩි ලෙස පගා ගෙන නිවාස අඩස්සියේ තියන තැනට කටයුතු කෙරුවා. ඒ අඩත්තේට්ටම් ඉවසන්න බැරුව මම ඇමති නිල නිවසෙන් පැනලා යනවා මගේ පිළියන්දල මහ ගෙදරට. මහ ගෙදර ඉන්න මම බය වෙනවා. මොකද මේ ඇමතිගේ කෙරුවාව මම හොදට දන්නවා අවුරුදු 20ක් තිස්සේ ළගම ඉදලා. ඇත්තටම එතුමගේ කාබන් කොපියක් තරමට මම එතුමා ගැන දන්නවා. ඒ හේතුව නිසා මම ගල්කිස්සේ යාළුවෙක්ගේ ගෙදර යනවා. එතන ඉන්න කොට කුරුදුවත්ත පොලීසියේ එස් අයි හේරත්, ඇමතිතුමාගේ පුද්ගලික රියදුරු ප්‍රදීප් අල්විස්, නාගරික සංවර්ධන අධිකාරියේ ක්‍රියාකාරි අධ්‍යක්ෂක චන්දන රණසිංහ යන අය පැමිණ මාව පැහැර ගෙන යනවා ඇමතිතුමාගේ ගෙදරට කියලා. නමුත් මේ අය ගෙනියන්නේ මාව ඇමතිතුමාගේ ගෙදරට නෙවෙයි අංගොඩ මානසික රෝහලට.

එතෙන්දී ඩොක්ටර් ජයාන් මෙන්ඩිස් කිසිම දෙයක් හොයන්නේ නැතුව මට කරන්ට් එක අල්ලනවා. තව මාසයක් ඉස්පිරිතාලේ තියාගෙන ඉන්නවා. ඒ සිදු වුණ අසාධාරණයට මම වෛද්‍ය සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කලා මාස හතර පහකට කලින් මහාචාර්ය කාලෝෆොන්සේකා මැතිතුමාට. ඒ සම්බන්ධව පරික්ෂණයක් පැවැත්තුවා මම ඒ පරික්ෂණයට මුහුණ දුන්නා. මම හිතනවා මේ සම්බන්ධයෙන් නීතියෙන් නැති සාධාරණයක් මට වෛද්‍ය සභාවෙන් ඉටු වෙයි කියලා මම ඒක බලාපොරොත්තුවෙනවා. නීතිය තවමත් නිහඩයි,” ඔහු පවසා සිටියේ.

පරීක්ෂණය වැඩිදුර විභාගය සඳහා කල් තබනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*