ආගමික ගැටලුවලදී මධ්‍යස්ථව සහ අපක්ෂපාතීව කටයුතු කිරීම සියලුදෙනාගේම වගකීමක්


Maithirpala_PR

රට තුළ මතුවන ජාතික සහ ආගමික ගැටලුවලදී මධ්‍යස්ථව සහ අපක්ෂපාතීව කටයුතු කිරීමට සියලුදෙනාට වගකීමක් පැවරෙන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා.අද (31) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී අන්තර් ආගමික උපදේශක සභාව රැස්වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා අවධාරණය කළේ රට තුළ මතුවන ආගමික ගැටුම් වැළැක්වීමට නීතිය නිසි ලෙස කි‍්‍රයාත්මක කිරීම සේම එම ගැටුම් ඇතිකරගන්නා පාර්ශවවලට කරුණු පැහැදිළිකරදීමේ පොදු වැඩපිළිවෙළක අවශ්‍යතා තිබේන බවයි.

ඒ සඳහා සියලු ආගමික නායකයින් එකම වේදිකාවකට පැමිණිය යුතු බව ද පැවසූ ජනාධිපතිතුමා රට තුළ අසමගිය වපුරන ජාතික සහ ආගමික ගැටුම් සඳහා ඉඩ ලබාදිය නොහැකි බව ද අවධාරණය කළේය.

රට තුළ මතුවන ආගමික ගැටලු පිළිබඳ ඒ ඒ දිස්ති‍්‍රක්ක මට්ටමින් අවධානය යොමු කරමින් කටයුතු කිරීමට දේශපාලනඥයින්ගෙන් සහ ආගමික නායකයින්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කිරීමට තම උපදෙස් පරිදි කටයුතු කර තිබෙන අතර, එම කමිටු වඩා සකී‍්‍රය ලෙස ඉදිරියට කි‍්‍රයාත්මක කිරීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

එමෙන්ම අන්තර් ආගමික උපදේශක සභාව අවම වශයෙන් මසකට වරක්වත් රැස්විය යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. සියලුදෙනාගේ අපේක්ෂාව විය යුත්තේ සියලු ආගම් සහ ජාතින්වලට අයත් ජනතාව සතුටින් ජීවත්වන සාමකාමී රටක් බව ද කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*